October 24, 2014

ආදරයේ මරණය

ලා හිරු රැස් සේ මාවෙත ආ
කුනාටුවක්  සේ මාහැරගිය
කඩුපුල් මලය නුඔ මාගේ

කෙලිලොල් කමින් ගතකල
ඒ සුන්දර අතීතය
සිහිවී හඬයි මා අද ඔබ ලඟ

සුදු ඔසරියකින් හැඩවූ ඔබ
දුක් මුසු මුහුනෙන් යුතුව
මා දෙස බලා සිටිනුයේ ඇයි ද මා ප්‍රියාවිය

ඔබ දකින මේ අවසන් මොහොතේ
කළු මේඝයන් ඇදෙයි අහස් දිය වැටීමට
එම වැහිපොද තුලින් ඔබ
මා හැරදමා යයි සෑම දාටම

1 comment:

  1. වියෝව දැඩිසේ සිතට දැනේන මොහොතක කවිය වැදුනා බොක්කටම..!!

    ReplyDelete