කුමුදුණියන් සුපිපෙන
තනිකම හඬවන
සීතල නවම් මහේ.............
නුඔ ගැන මතකය
වද දුනි මසිතට
එන්නේ කවදා මෙහේ...........
ගිනි අවි තුරුලුව
වැහි අව් නොදැනුන
ආදර හිමි සඳුනේ...................
නුඔගේ ආදර
උරහිස අද්දර
ඉන්නයි මඟ බැලුවේ...............
රට දැය සමයට
ඔය හිත දුන්නට
තරහක් නොමැත මගේ.............
කඳුලක් ඉඳහිට
නෙතු මත උන්නට
මම ආදරෙයි අනේ.................
අපූරුයි!
ReplyDeleteපාලු තනිකම නැතුවාම නොවේ
ReplyDeleteමගෙ රටට මං
ආදරෙයි ඔබට වාගෙම.....
Good & nice
ReplyDeleteලස්සන පද ගැලපුමක්............
ReplyDeleteමගේ එකල යෙහෙළියක් ලියූ කවියට පිළිතුරු ලෙස ලියූ කවියක් මේ. මේ කවි ලියවිලා වසර දහයක් පමණ වෙන නිසා මිතුරියගේ කවිය හරියටම මතක නෑ. ඒත් ඒ කවියත් තිබුණා නම් වඩා හොඳයි කියා හිතුණා.
ReplyDeleteදහවල් රෑ දින පුරා- මං නුඹ හා හිනැහුණා
සත්තයි රන්කඳ මතකයි අප අතිනත් ගත් එදා
පුංචි ගෙපැල හැඩ කළා දූ කුමරිගෙ මුතු සිනා
සිතකින් නොව උතුරු කරේ ඉන්නෙ මං අවි දරා
වෙඩි රැව්දෙන තල් අරඹේ ජීවිත අද තනිවෙලා
මවුපියන්ද නෑ සියන්ද ඇත උන්ගෙන් වෙන්වෙලා
බලන්න ඒ දෙස සොඳුරියෙ මායාවන් සිඳ දමා
මේ ගිනි දැල් නැතිවෙලා සාමයෙ මල් පිබිදෙනා
මතු දිනයක ගම එන්නම් ඔබ වෙත යළි පියඹලා
එතකල් මගෙ රන් තිළිණය
තුරුළු කරන් දූ කුමරිය
පතන්න සොඳුරියෙ මවුබිම
එකළු කරන ඒ සාමය.
හරිම අපූරුයි!
ReplyDelete