May 29, 2015

අනුරාධ මම නුඹේ රාධිකා

ආදරේ නාමයෙන්
නුඹව විශ්වාස කර
නුඹ සමග නිදි වැදුණු
අනුරාධ මම නුඹේ රාධිකා

නිරුවත්ව කාමරේ
මගේ මුළු ජීවිතය
නුඹේ අත තියද්දී
මොන නරුම හිතකින්ද
හංගලා කැමරාව
වීඩියෝ කෙරුවෙ නුඹ

සීතලේ පොළව යට
අද තනිව නිදන්නෙමි
අතීතය ගැන සිතා
තවම පසුතැවෙන්නෙමි
දිරාගිය ඇස්වලින්
කඳුළු උගුලුවන්නෙමි

2 comments: