May 15, 2015

ලොවට නොකියා පද ගලපගත්
අසම්මතයේ පෙම් කවිය නුඹ.....
පදෙන් පදයට ගැඹුරු අරුතින්
සිතම සනසන සෙත් කවිය නුඹ.....
දිනක යම්කිසි වරදකින් සුළු
ලොවම වනසන වස් කවිය නුඹ........
ඉතිං කුමකට කවිය වී ඔබ
සදා නොලියූ කවිය වනු ඔබ......

No comments:

Post a Comment