දස ලක්ෂයක් ඉම්පෝටඩ් පිච්ච             මලේ 
පන්දාහයි ටිකට් පිංකම ඉදිරි               පෙලේ 
මික්සර් එකෙන් කවිබණ මිහිරියට        ඇහේ 
අන්ප්ලග් බණ කියන්නේ කවදාද          අනේ 
පන්දාහේ කොලයක් පිරිකරට               තියා 
මැසිමක් වොෂින් අටපිරිකර ලෙසට       කියා
මහා සඟ රුවන සෝෆාවට වැඩම          වලා 
දානය කේටරින් එකකින් සර්ව්              කලා
රහතුන් පහල වී ඇත රට හතර                 අතේ
බුදුරැස් විහිදෙනව දෙවියනි සෑම          කොතේ 
සුදු කිරි ගලනවා දුටු දුටු වෙහෙර              මතේ 
බුදු හිමි හිටියනම් පනිනවා ළිඳට              පුතේ
 
දන මන පිනෙන වා නම් නිවනට සරිය
ReplyDeleteකන බොන අපිත් යන රැල්ලට ගිය සරි ය
වන වන බෙදන ලලනාවන් පිය කරු ය
පින වන දසුන් ඇති හිමි සිත වල් සරු ය
නියමයි සහෝ.
ReplyDelete