November 8, 2011

පිණි බිඳ

ගසක් අතු රිකිලි ලා
මහත් තේජසින්
හාත්පස විහිදී
සිය රිකිලි හිස පැළඳි
මලක් දකිනු රිසින්
ඔබ මොබ සැලෙද්දී
එහි රැඳී එක් පිණි බිඳක්
පත් අගින් ගිලිහී
මහත් වෙහෙසක් දරා
මුල සිප ගනු දුටිම්
මලක් සොයා
වෙහෙසට පත් ගස
සෙමෙන් පිණි බිඳ දෙසට හැරී
පවස සංසිඳුවා ගති..

1 comment: