July 6, 2015

බැරිම තැන අසමි.....

ඉස්සරම ඉස්සර ලෝකේ
පටන් ගත්ත දවස්වල
තරු පිපිරුණු වැසි වැටුනු
හිම වැටුනු දවස්වල
තැනක් නැතුව හදත් ඇවිත් 
නතර වෙච්චි දවස්වල
හරියටම මේ විදියට වෙන
ප්ලෑන ගහපු දවස්වල

ඔක්කෝම රාශි එකතු
කරපු කෙනා 
ගානට පිලිවෙලට 
තියපු කෙනා
කැරකෙන වේගේ
හදපු කෙනා
කේන්දරේ කොටු ටික
ගහපු කෙනා

පාගාවක් අල්ලසක් ජරාවක්
අරන්වත්ද
ආදරේට ලෝබකමක් ඉරිසියාවක්
හිතිලවත්ද
කවුරුන්හෝ කපන්න මා
කිව්වාවත්ද
නුඹ වෙනුවෙන් හිතක් එහෙම
පහලවෙලාවත්ද

සිකුරු තිබ්බේ ගොඩක් දුරින්
තරහටද
කේතු ආවේ මාත් එක්ක
ෆිට්එකටද
ඉරි ගහලා කොටුඇන්දේ
කහනවටද
නැන්දම්මේ ඕවා බැලුවේ 
පිස්සුවටද????

No comments:

Post a Comment