January 15, 2012

ෆයිනස්

දහස් නෙක මිල ගෙවා
නිවස මැද්දට වඩවනා සඳ

ගොපලු විරුකම් තනා බැතියෙන්
තබා පඬුරුද එහි ම සෙවණින්

නව වසේ දින පළමුවට පෙර
ඇදෙයි කුණු මුලු සොයා බිම වැද

නැවත වසරක හිම දුරුත්තක
පැණ නඟී කිසි නොවූ විලසට

3 comments:

  1. ලියූ පද වැල වරක් දෙවරක්
    කියා සැනෙකින් මහත් වෙහෙසින්
    සිත්පුරා එක විදුලියක් සෙම
    දැනී එකවර කියවුණා මට

    අම්මට හුඩු!

    මේ අර සුදු හිම දුරුත්තේ
    රතුපාටින් සැරසිලි දාන
    මුදුනෙම වලිග තරුවක් ගහන
    ෆයිනස් ගහ නේද?

    ReplyDelete
  2. වෙනදා වගේම මම පට්ටම ලයික්

    ReplyDelete
  3. වචන 100කින් කියන්න බැරි දේ පද පේළි දෙක තුනකින් කියලා... නියමෙට ලියලා තියෙනවා!

    ReplyDelete