April 24, 2015

ඉකිලන පුලිගු

පිලිස්සුනු කරදහිය මත,
දකිමි
ඉකිලන පුලිගු
ඉදහිට......

March 30, 2015

දියවී ගොස් අහස් කුස,
වර්ෂාවෙන් හදවත පිරී ගිය සද,
ඔබ ගැන මතකය සිහිවී,
සිහිනෙන් මා හඬනා කල,
නෙතු අග මතු වූ කඳුලක්,
පුරන්වූ කතරකට බට,
මහා මේඝයකැයි ඔබ කීය....

March 27, 2015

මට Heart Attack!

මට  Heart Attack!
ඉතින් Doctor
මගේ හර්දය වස්තුවේ
පුන්චි පුන්චි
රිදුම් හැමදාම....
මේක ඉස්සෙල්ලම
පටන් ගත්තේ,
ශිශ්යත්ව පන්තියෙදි
ඊට පස්සෙ
0/L, A/L
Campus එකේදිත්
ටිකක්…
යාලු වෙන්න කලිනුත්
යාලු වුනාට පස්සෙත්......
අධ්යාපනයයි ප්‍රේමයයි
දෙකම,
සමහර වෙලාවට
ජීවිතේට විසයි,
Doctor…………………….

March 25, 2015

වියළි සිත

ගඟක් වී ගලා ගිය
අතීතය
ඉතිරි කර ගිය පුංචි
තෙත් බව
සෑහේද හටගන්නට
යළිත්
පෙම් මලක්

March 23, 2015

මරණ දැන්වීමකි ( පෙම්වතාට පෙම්වතියගෙන්)

රෝස කටුවක්
ඇනී
කිරිල්ලක මිය ගියා
ආදාහනය ඉරිදා
නෙලුම් මල් කනත්තේ
ඇගේ ලය සිදුරු වී
ගලා ගිය ලේ බිඳිති
කහට පැල්ලම්
ලෙසින්
පෙනේ මිහි සලුව මත
මීට පසු
සවස් යම
ඔබෙ කවුලු
නොහරින්න
ඈ යලිත්
මියුරු ලෙස
නොගයාවි
කිසිදාක.......................

March 18, 2015

තවත් වරක් අඳුරු වී සඳ,
පායා ඒ පසළොස්වක දින..
දෙබෑ කර හද අඳුර,
වලාකුලෙන් බැස එන්න...

March 11, 2015

මා නැතුව බෑ කියු
ඔබ ගොසින් ඉගිලිලා
වෙන හදක ගුලි වෙලා
මා තාම තනි වෙලා

March 4, 2015

හිස් කොළ

පෙර දිනෙක
ඇයට මට
සෙවන දුන්
මහලු නා ගස
ලිවිය හැකි නම් නුඹටත්
විරහ කවි
මං ගාව තියෙනවා
ඇති තරම්
හිස් කොළ

February 25, 2015

මගේ විරසක පෙම්වතී

මගේ චුම්බන
සිය ගණන් රැඳි
කොපුල හංගන්
යන අපූරුව 
මගේ විරසක පෙම්වතී

February 20, 2015

ආදරණීය රොස මල

රෝස මලක් නෙලුවිමි
නටු අග කටු නොදැක.