අතීතයට ගොස් මා මැරූ,
ඝාතකයා මමය...
මළකඳත් මමය...
වර්ථමානයට විත් මා බිහිකළ,
වින්නඹුව මමය...
බිළිඳාත් මමය..
නෂ්ට වූ මමය..
උපන් විට කෑ ගැසූ හඬ,
මරණ්යේ මර හඬ,
එකට එක්වී,
උපේක්ෂාවයි,අනාගතය...
දුකක් නැත,සතුටු නැත.
December 1, 2014
November 28, 2014
ගුරු සෙනෙහස
මවු කිරි පෙවූ මගෙ අම්මා හැරුණු කල
සිප් කිරි පෙවූ ගුරු අම්මා සඳකි මට
ගත දා බිඳු සැලූ මගෙ පිය හැරුණු විට
නැණ දා බිඳු සැලූ ගුරු පිය හිරුය මට
November 26, 2014
ප්‍රාර්ථනාවක්
මෛත්‍රී බුදු හිමියනේ
නිවන් දුටු දා ඔබේ සසුනේ
අපේ අම්මයි තාත්තයි
විහාරේ පිපි මං
ලොකුම අරලිය කිනිත්තයි
November 17, 2014
November 14, 2014
මම මගේ.......
අතක් නැති
හිඟන්නෙක්
පයක් නැති
හිඟන්නෙකුට
බැණ වදී
&අනිත්
කකුළත් කැඩියන්
මගේ පොට්
එකට ආවට*
November 12, 2014
November 10, 2014
November 7, 2014
November 5, 2014
පැවිදි
ආශා මාරුත
ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා
රළ නංවන කල
සිත් වෑ
බැම්මේ වදිනු නොදී
මා ගුරු
හිමියන් සිත රුව තුළ වී
මසිත රකී
රළපනාව වී......
November 3, 2014
Subscribe to:
Posts (Atom)