August 7, 2013

ගොළු යථාර්තය...

නුඔට තාම දැනිල නෑ
උණු වුණ ඒ හිතේ ගින්දර
නුඔ තාමත් දැකල නෑ
කදුළු පිරුණු ඒ දෙනෙත්

ආදරේ කලා ගොඩක්, සත්තතමයි
නුඔට අමතකයි ඒ සොදුරු අතීතය
අහිංසකයි නුඔ හැමදාමත්
ඒත් ගොළුයි ඔබේ යථාර්තය තාමත්

සිහි කරන් ඔය මුහුණු
හිරකරන් ඒ මතකය
මියැදෙනවා කාටත් හොරා
නුඔට ආදරේ ඒ පණ.....

7 comments:

  1. හපෝ මහ පැණි කවියක් නෙව..

    ReplyDelete
  2. ලස්සනයි. ආදරේ හැටි ඔහොම තමයි. බැඳිමක් කියන්නෙත් දුකක් නෙවෙද...
    හිත හදා ගන්න පුලුවන් නම් හදා ගන්න තිබුනා..
    ඔබ මවා දුන්න ලෝකයෙ මම නිහඬ වෙලා උන්නා...

    ReplyDelete
  3. අපි ආදරේ කලාට කීයෙන් කී දෙනාටද ඇත්තටම අවංක ආදරේ ලැබෙන්නේ. කීයෙන් කේ දෙනාටද එකතු වෙන්න ලැබෙන්නේ. ජීවිතය ඔහොම තමයි, දුක දර ගන්න හිත හයිය කර ගන්න ඕනි. නැත්නම් අහිමි උනු ආදරයට හැමදාම හිතින් වැලපෙන්නයි වෙන්නේ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ජීවිතය සුන්දරයි

    ReplyDelete
  6. අමතක නෑ.....
    ලස්සන කව් කොහිද
    සිතුවොත් ලියන්නට
    නොහැක එක වචනයක්
    නුඹෙන් පිට

    හදවතේ රිද්මයම
    ඔබ වෙලා ගැහෙද්දී
    අපේ ඒ ආදරේ
    මතකදැයි අහන්නෑ

    සිළුමිණක් වූ නුඹව
    පළඳවන්න
    ජීවිත කොත් අග
    සිටියෙමි බලා


    ගොසින් හෝ
    ගෙනගොස්ය
    මගේම වන්නට තිබූ

    ඒ මැණික.

    ReplyDelete
  7. අමතක නෑ.....
    ලස්සන කව් කොහිද
    සිතුවොත් ලියන්නට
    නොහැක එක වචනයක්
    නුඹෙන් පිට

    හදවතේ රිද්මයම
    ඔබ වෙලා ගැහෙද්දී
    අපේ ඒ ආදරේ
    මතකදැයි අහන්නෑ

    සිළුමිණක් වූ නුඹව
    පළඳවන්න
    ජීවිත කොත් අග
    සිටියෙමි බලා


    ගොසින් හෝ
    ගෙනගොස්ය
    මගේම වන්නට තිබූ

    ඒ මැණික.

    ReplyDelete