August 4, 2013

සංගීතකරු මැරිල...!

වැයූ තත් හය නිහඬ වී...
හිඳී මුල්ලක කිලුටු වී...
තත් වැයූ අත් පලුදු වී...
යතුරු පුවරුව මතට වී...

ලියූ කවි පද නිහඬ වී...
සිනාසෙයි මට උඬගු වී...
කවි ලියූ කොළ රුදුරු වී...
ඉල්ලයි මගෙන් උත්තර හරී...

නොදුන්නොත් උත්තර හරී...
කෙළ වෙනව මේ පාරත් money...
අරන් degreeය බී Sc...
අපි කරමු music මගෙ honey...

3 comments:

  1. ගිලිහුනත් අත නුඹෙන් තත් හයෙන්...
    තියවුනත් අත නුඹේ පුවරුවෙන්...
    නැති වුනේ නැති දෙයක් ඇත නුඹේ..
    කවි ලියයි නුඹ අනෙක් පසට වී...

    යා හැකියි යා යුතුයි මඟ දුරයි..
    කවි ලියා තත් වයා බැරි හැඩයි..
    ඒ නිසා මඟහැරී ඇති හැඩයි....(ඒ නමුත්)
    කවි තවම කුළුපගව ඇති හැඩයි..

    ReplyDelete
  2. සැඟවී ඇත "ගිණිපුපුර"
    අළු යට
    පිඹපන් මා මිතුර
    එක වරම.. ගැම්ම ගෙන
    විසුරුවා අළු,ගිනිගන්න නැවතත්
    ගිණිපුපුර MUSIC

    ReplyDelete