October 30, 2018
හිතේ පරිණාමය
වැඩිපුරම තැලෙන රිදෙන
කීරිගැහෙන හූල්ලන බිඳෙන
හිත ඇත්තෙ නොපෙනෙන්න
සිනා වත අස්සෙ සැඟවී ම
October 6, 2018
උරුම නැති නුඹ
නුඹත්..
අපේ පාලු මහ ගෙදර වගේ..
නවතින්න හිතයි..
උරුමය මට නැති...
October 5, 2018
වැලන්ටයින් DAY
කුමට වෙන්කල දිනක් අපහට,
මතකයට නගනු ආදරය ගැන නැවත
අමතක උනොත් දිනක මට ඔබ ගැන
එදවස වේ දවස
මෙමා මළ ගමන යන
October 4, 2018
හිත මුමුනන දහසක් දේ අසයි සිත ආය ආයෙමත්
October 3, 2018
ඒ බව
ළඟ ඉද්දී කතා නොකරනවට..
වඩා අමාරු
දුර ඉන්නැද්දී කතා නොකරන
එක
බව
දන්නැද්ද වත්සලා..
ජීවිතේ කෙලෙසද කියා නොදැන
එවූ ඒ සේයාව දෙස පමණක්
බලා සැනසෙනු කෙලෙස..
තරහව
ගිණි පුපුරකි පුපුරණ
දිය බිදුවකි සිසිලන
තරහව
අැයගේ...
September 2, 2018
සඳරැස්
සඳරැස් වැටී දිලිසුණු තරුව
නොදනීද තව තරුවක් සඳට ඇති වග
සඳවතියේ නුඹේ සොමි සඳ කිරණ
හෙලන විට තනි තරුව මත
දුර ඈත ඇති තරු කැට පවා
ඉඟි මැරූ හැටි මතකය
තාමත් ඒ පුන්සඳට.........!
August 7, 2018
සදාකාලික අමරසිරි
ප්රේමයේ
සදාකාලික නොවන බව
එදිරිසිංහයන්ගේ හඬට
මුහුකල
ආනන්ද අමරසිරි
නොමැරෙන සිරියකින්
ලියන්න එය
පරමාදර්ශී නොවන බවත්
July 28, 2018
මේ කවිය නුඔටමයි
තිබුණාට අාදරය - මහ මෙරක් වගෙ නුඔයි
කවි ලීවෙ නෑ නුඔට - ඒනමුත් අාදෙරෙයි
සිත ගියත් අරෙහෙ මෙහ - නැවතුනේ ඔබෙ ලගයි
හැමදා ළඟ හිඳි - නොසිතු කතාවක් ගොතයි
මෙි දිවි ගෙවෙන්නේ - නුඔෙ නමින් විතරමයි
සොදුරු සිහිනය ඔබයි - මේ කවිය නුඔටමයි
July 23, 2018
කටු
පාදයක ඇනී
ඇදුම්කන්නට පෙර
ගලවා ඉවතලිය හැක
කටුවක්
ජීවිතේ ඇනුණු කටුද
එලෙස ඉවතලිය හැකිනම්
ගලවා පහසුවෙන්
සුළු වේදනාවකින්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)