March 1, 2023

ලන්ච් රූම් ප්‍රේමය

උදයෙත් දහවලෙත් ඇය මේසෙක එපිට
බත්මුල ලිහයි නිහඬව ඇයගෙම ලොවක
ලන්ච් රූමයේ වෙනකෙකු නැති අවට
ඇගෙ හැඩ විඳිමි මෙහි සිට මම ඇස් අගක

ඇගෙ කුසගින්න මට කුසගිනි වෙලාවෙම
දැණුනේ කොහොම මගෙ සිතුවිලි පුරා මම
හිත යට සිට නැගෙන පිබිදුම තලා බණ
ආදරේ ඇත්තෙ බඩවල අපෙ sync වුණ

 

ලියා එව්වේ - Hare :-)

February 28, 2023

ටවුන් එකේ කොන්ක්‍රීට් මුණි!

නගරයේ දියුණුවෙන්
උඹ අත්පත් කරගත් දේත්
නගරයේ දියුණුවට
උබට පුදන්නට නොහැකි වූ දේත්
අතර හිස්කම දුරු කරන්නට
හන්දි ගානේ වැඩ සිටිමි

 

ලියා එව්වේ - Hare :-)

February 24, 2023

මැරෙන මොහොතේ...

මැරෙන්න බය වෙයිද
නොවෙයිද
දැන්ම කියන්න බෑ මට

ඒත් මැරෙන මොහොතේ
ජීවත් වෙන උඹලා දිහා බලා
මම කියයි
"හොඳ වැඩේ තොපිට"

 

ලියා එව්වේ - Hare :-)

February 23, 2023

නැටි!

නැටි
තිබුණ නම්
අපට

වනල
වනලම
කැඩිල
මෙලහට

- ඉන්දික ගුණවර්ධන

නැටි
තිබුණ නම්
අපට

පොඩිකාලෙම කපයි
නැත්තං උගන්වයි
පු.කේම ගහන් ඉන්න

- මම

 

ලියා එව්වේ - Hare :-)

February 14, 2023

ලස්සන ගෙයක්!

මොකටද 
ලස්සන ගෙවල්
උස තාප්පයක්
හදාගත්තම

 

ලියා එව්වේ - Hare :-)

February 8, 2023

පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කල නිලධරයාගේ සිතුවිල්ල

තඩි මහත ලිපිගොනු
කඩදාසි පුරවපු
උවමනාම කඩදාසි නැති
අනවශ්‍ය ඒවයින් මහතැති

පිරුණු බව ෂෙයා කරන
ජීවිත අස්සෙ හිස් කමත්
ඒ වගේමදැයි හිතන්නට
මට අයිතියකුත් නැති

 

ලියා එව්වේ - Hare :-)

 

 

February 6, 2023

ප්‍රමුඛතා!

සුදු කැකුළු දෙකයි
ළූණු ගෙඩි තුනයි
හඳුන් කූරු පෙට්ටියයි
සීයගේ බඩු මල්ල
සම්පූර්ණයි

 

ලියා එව්වේ - Hare :-)

October 21, 2022

සුළු ආදරය

වෙරළ සේදූ රළක්
යළිත් මුහුදට ගලද්දී
දැවටෙන පෙන රළු වැලි මත
මොහොතක් වැඩිපුර රැඳෙයි
සර සර හඬින් පිපිරී යයි
එහෙම
ආදරේ ඉතිරි වෙන්නෙම
පොඩි පොඩි තැන්වල
පොඩි පොඩි වෙලාවකට

 

ලියා එව්වේ - Hare :-)

October 19, 2022

දෑස කට සහ මාස්ක්

සිනාසෙන දෑසට යටින් විරිත්තයි
හඬන දෑස සමග සිනාසෙයි
සතුටු දෑසින් දත්මිටි කයි
දුක් දෑස සමග මන්දස්මිතයි
දැන්
දෑස සමග සබඳතා නැත
මාස්ක් එකට වැසුණු කටට

 

ලියා එව්වේ - Hare :-)

October 18, 2022

ඇඟලුම

සැම උදෑසනක
අවදිව දත් මැද
සෝදා මුව සූදානම්ව
ඇඟලාගමි
සිනහව පිරි
අනෙකාගේ මම නම්
ඇඟලුම
 
ලියා එව්වේ - Hare :-)