May 31, 2013

ග්‍රීස් සහ දාඩිය


යන්ත්‍රයක් වූවා නම්
දැරිය නොහැකි තරම්
කැරකුණු විට
කැඩී යයි

අපි මිනිස්සු නිසා
දරන්න බැරි තරම්
දරාගෙන
තවමත් දත්මිටි කාගෙන

May 30, 2013

හැලීම

ඉන් ඉක්බිති
සියලු දෙනා
දේශන පවත්වා
උද්ඝෝෂණ කර
හලාල් වලට විරුද්ධව
අරාබි තෙල් ගැසූ
බස් වලින්
ගියාහුය
නිවෙස් වෙත....

May 29, 2013

අනේ ඌ දන්න xxxxxx!


පොඩි කොල්ලෙක්
විවාදයක කෑ ගසයි
'අන්තර්ජාලය
ලෝකය විශ්ව ගම්මානයක් බවට
පත් කර ඇත'

මට හිනාගියා
විශ්ව ගම්මානයේ මුල්ලක
වැටකින් වටව අපි
අපේ ගොඩවල් හදාගෙන
තාමත් ගොඩේ ෆන් ගෙන

අනේ ඌ දන්න අන්තර්ජාලය

May 27, 2013

රෝල්ස්


හැමෝටම ගසන්නට
කුමක් හෝ රෝලක් ඇත
කිසිවෙක් දිළිඳු නැත
අරගල කරන තරමට

May 25, 2013

බලු අදහස්

ගේට්ටුව ඇතුලෙ හැදෙන බල්ලන්
එලියෙ ලෝකය නොදත් මෙන්
අදහස් ගේට්ටු තුල සිරවූ සිත්
ගේට්ටුවෙන් පිට කිසිත් නොදත්

May 23, 2013

වර්චුවල් තම්බ්ස්අප්


මා වෙනුවෙන් දිවි පුදන්නට
හඬ නගන්නට
අයෙක් වේ නම්
මම ඔහුට සහය දෙමි
එක සිතින්
වර්චුවලි...

May 22, 2013

වලිගෙ

පරිණාමය සමග
අපේ වලිග
හැලි ගොස් ඇත

පරිණාමය නොවූ ඇතමුන්
තම වලිග
නිතරම පාග ගනිති

May 20, 2013

වැහි වලාවේ

නිරිත දිගින් හමනා වැහි වලාවේ
රුහුණට මාව සිහිකරපන් වලාවේ
සබරගමුවෙ වැහි අප්පුලා මලාවේ
කොළඹ රටට වැහැපන් වැහි වලාවේ

උයා තමා දිනුවෙ!

සල්ලි ටිකක් දෙන්න කියල
රේඩියෝ අක්කෙක් කතා කලා
ඔව් ඔව් ගෙදරටම

‘මේ වෙලාවෙ ඔයා මොකද කර කර හිටියෙ?‘

‘මේ වෙලාවෙ මම ටීවී බල බල හිටියේ‘

May 17, 2013

චිරං ජීවතු කිංස්ඩුව් මව්නි,

ඒ අපූරු නිවහන,
ජීවිතේ කියාදුන්න්,
ජීවිතේ සොයාදුන්න,
රත්තරං පිං කෙත,
කවමදාකවත් අමනක කරන්න බෑ.....

ඉතින්..
එක් සිය දෙ විසි වසරක,
අභිමානවත් රාජ පෙළපත,
තව සහස් කල් දුර දිනන්නට,
සදාදරණීය කිංස්ඩුව් මව්නි,

ඔබට චිරං ජීවතු. චිරං ජීවතු. චිරං ජීවතු !!!!

May 15, 2013

සින්දුයි කසාදෙයි!!!


සින්දු රිපීටි වෙන නිසා
එපා වේ කාලෙකින්

අයියෝ කසාදේ

May 13, 2013

හද

හදේ නෙතු
කැලුම් පොදි
නුඔට පිදුවා
අවංකව මම...

May 10, 2013

ඈ නිළියක් නොවේ


වෙඩිම පුරාවට
මනාලිය සිනාසුනා
ෆොටෝග්‍රැපර් හතර අතට
‘හා දැන් අඬන්න‘
කණට කර ඔහු කීවා
මනාලිය අඬන්න ගත්තා
ෆොටෝග්‍රැපර් හතර අතට

May 8, 2013

විහිළුවක කාලාර්ථය

විටක මිහිරිය
සිනහ බෝමය...
විටක අකැපය
හැඬුම් බෝමය...
වටහා දෙනු මැනව
විහිළුවක, කාලාර්ථය
ගැහැනියට සාපේක්ෂව

May 6, 2013

යක්ෂමතාවය

ඔපීසිය අකාර්යක්ෂමයි කියා
ගෙනාවා කොම්පියුටර්
දැන් හැමෝම
කාර්යක්ෂමව ගේම් ගසති

May 3, 2013

අඳුරට විසඳුම

උස් බිමක මම හැදුවා
පුංචි වැවක්...
වැහැපන් වැහැපන්
නොනවත්වාම වැහැපන්
පිරෙන්නට මගේ වැව
හදන්නට ටර්බයිනයක්

May 2, 2013

පෝය දා රෑට පන්සල

පැණි පෙරන
සිල් වඩන
පෙම් පුරන
පිං වඩන
දනෝ

එති...
යති...

පහන් දල්වති
පැන් ඉසිති

නිවන් දකිති (?)

May 1, 2013

අපොයි මහගමසේකර!


ලෝකයේ කර්කෂ
ගැටුම් මැරුම් හිංසන
නොරිසි ව
රිංගුවා අන්තර්ජාලෙට

අයියෝ!

දැන් ලෝකයම
තනි යායක් වී ඇත

සිහි වුණා ප්‍රබුද්ධ
අපොයි මහගමසේකර